නීතිවිරෝධී ලෙස ජෝර්දානයට පැමිණ එරට අතරමංව සිටින සංචාරකයින්ට එරට රැකියා ලබාදෙන බවට ජනතාව මුලාකරන ජාවාරම්කරුවන්ගේ වංචනික ක්රියාවන්ට හසු නොවන්නැයි ජෝර්දානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දී ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
විදේශ රටවල් 10 කින් පමණ ජෝර්දානයට පැමිණි පුද්ගලයන් මෙසේ අතරමං වී ඇති බවත් සංචාරක වීසා මගින් ශ්රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් කෙටි සංචාර සඳහා ජෝර්දානයට යෑම පිළිබඳව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිලධාරීන්ගේ අවදානය යොමු වී ඇති බවත් එම කාර්යංශය පවසනවා.