26.1 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙහැවිරිදි දරුවෙකුගේ මරණයේ සැකකරුවන් වසර 4කට පසු කොටු වෙයි

දෙහැවිරිදි දරුවෙකුගේ මරණයේ සැකකරුවන් වසර 4කට පසු කොටු වෙයි

අවුරුදු දෙකක පමණ දැරියක් මිය ගිය පසු එය වසන් කර සැඟව සිටි පියෙක් සහ දියණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අනතුර සිදු කර වසර 04කට පසු වීම විශේෂත්වයකි.

2018 වසරේ මැයි 11 වැනිදා මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල – මුතුමාල ගම්මානයේ පදිංචි කුඩා දැරියකි.

තම මව සමඟ තේ දළු නෙලීමට මෙම සැකකරුවන්ගේ නිවසට අදාළ ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් කාන්තාව විසින් පැදවූ ත්‍රීරෝද රථයකට යට වී අදාළ දැරිය මියගොස් ඇත.

පසුව දළු ප්‍රවාහනය කළ වෙනත් වාහනයකට යට වී දැරිය මිය ගිය බව පවසමින් ඇය සහ ඇයගේ පියා දැරියගේ සිරුර මාර්ගයට ගෙනවිත් දමා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ලොරි රථයේ රියදුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. අධිකරණ වෛද්‍ය වාර්තා මඟින් අනාවරණය වී ඇත්තේ ලොරියක ගැටී දැරිය මිය ගොස් නොමැති බවයි. මේ හේතුවෙන් අදාළ සැකකරුවාට ඇප ලබාදී තිබේ.