25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් සිසුන්ට නොමිලේ කිරි සහ බිත්තර

පාසල් සිසුන්ට නොමිලේ කිරි සහ බිත්තර

රුපියල් 55ට බිත්තර අලෙවි කිරීම අද (30) දිනයේ කොළඹ, මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් සිදුකරන බව බිත්තර සංගම් සඳහන් කරනවා.

පසුගිය 28 වනදා කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල රුපියල් 55.00ක මුදලකට බිත්තර අලෙවි කිරීමේ වැඩසටහන ආරම්භ කරනු ලැබුවා.

කෙසේ වෙතත් එම වැඩසටහන ඊයේ (29) දිනයේදී ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට ලැබුනේ නැහැ.

බිත්තර මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් යෝජනා කළ පාරිභෝගිකයින්ට අඩු මුදලට බිත්තරයක් අලෙවි කිරීමේ යෝජනාවට අනුව බිත්තර නිෂ්පාදකයින් මෙම වැඩසටහන ආරම්භ කළා.

මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය සමඟ තම සංගමය එක්ව අඩු අදායම්ලාභි පවුල්වල පාසල් ළමුන්ට කිරි විදුරුවක් සහ බිත්තර නොමිලේ ලබාදිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළා.

ඊයේ (29) පස්වරුවේ නුවරඑළිය ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.