28 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'බලු මූණා' අත්අඩංගුවට

‘බලු මූණා’ අත්අඩංගුවට

ආඩිඅම්බලම ප්‍රදේශයේ මංකොල්ලකෑම්, පැහැර ගැනීම් සිදුකළ, කාලිංග නලීන් මධුසංඛ නොහොත් ‘බලු මූණා’ නැමැති පුද්ගලයා කටුනායක පොලීසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

26 හැවිරිදි මෙම සැකකරු කල්ලියක් සමඟ ගෙවල් බිදීම්, මංකොල්ලකෑම්, තියුණු ආයුධ පෙන්වා මහ මඟ ධාවනය වන වාහන පැහැරගැනීම් ආදී අපරාධ රැසක් සිදුකළ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු විසින් පැහැරගත් යතුරුපැදි දෙකක් කොළඹ ප්‍රදේශයේ උකසට තබා තිබියදී කටුනායක පොලීසිය විසින් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත කටුනායක පොලීසිය විසින් සිදුකරණු ලබනවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ අත්අඩංගුවට ගත් ‘බලු මූණා’ නැමති සැකකරු අද (30) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.