― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමේ රටේ දේශපාලඥයින්ගෙන් 50%ක් දූෂිතයි

මේ රටේ දේශපාලඥයින්ගෙන් 50%ක් දූෂිතයි

අද වනවිට රටේ ජනතාවෙන් බාගයක්ම සිටින්නේ බඩගින්නේ බවත් මෙරට දේශපාලනඥයින්ගෙන් සියයට පනහක් දූෂිත බවත් සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ කරන්දෙණිය වෙළඳ සංගමයේ වෙළද සංගම් මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

“අද සියයට පනහකට පමණ තුන් වේල කන්න නැහැ. බොහෝ දෙනා කන්නේ එක වේලයි. සමහර දෙමාපියන් දරුවන්ට කන්න දීලා ඔවුන් බඩගින්නේ ඉන්නේ. හෝටල් බේකරි සියයට පනහක් විතර වැහිලා තියෙනවා. මිනිස්සු එන්නේ නැහැ හෝටල්වලින් කන්න. විදුලි බිල වැඩි කරලා. අද අපේ රට දුවන්නේ එදා වේල ටුවර්ස්. හෙට ගැන විශ්වාසයක් නැහැ. අපිට පේන්නේ නැහැ අද හෙට අපේ රටේ ප්‍රශ්නේ විසදෙයි කියලා. පාට පක්ෂ භේදයකින් තොරව මේ රට පාලනය කළ සියලුදෙනාම මේකට වගකිව යුතුයි. කිසිම රජයකින් මේ රටේ ආර්ථිකය ශක්තිමත් වුනේ නැහැ. ශක්තිමත් කළෙත් නැහැ.

මේ රටේ දේශපාලනඥයින්ගෙන් සියයට පනහක් දූෂිතයි. හැම පක්ෂයේම එහේමයි. තවත් සියයට තිස්පහක් පමණ ඉන්නේ ලොකුකම් තාන්න මාන්න ගන්නයි. පිලිගැනීම් ලබා ගැනීමටයි. බොහෝම සුලු පිරිසකුයි ජනතාවට සේවය කිරීමට කැපවෙලා ඉන්නේ. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. පාර්ලිමේන්තුවට එන්න කසිප්පු, අරක්කු විසි කරන යුගය අවසන් කළ යුතුයි. මේ රටේ අවභාවිතය ලෝකයේ වෙන කිසිම රටක නැහැ. මුදල් හා සම්පත් අවභාවිතය අතින් අපි අනෙක් රටවල් පරාදයි. ඒ තරමටම අවභාවිතය අතින් අපි ඉන්නේ ඉහල තැනකයි. මේ තරම් මුදල්, සම්පත් අවභාවිතා කරන රටක් ලෝකයේ කොහේවත්ම නැහැ කියලා බය නැතිව කියන්න පුලුවන්.”