30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලංකාවේ වායු දූෂණය මනින්න WHO උපකරණ දෙයි

ලංකාවේ වායු දූෂණය මනින්න WHO උපකරණ දෙයි

මෙරට වායු දූෂණය මැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් උපකරණ තුනක් ලබාදී ඇති බව පරිසර අධිකාරියේ වායු දූෂණ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නීතිඥ සංජය රත්නායක පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ මෙම මිනුම් උපකරණ අනුරාධපුරය, කුරුණෑගල හා යාපනය යන නගරවල ස්ථානගත කර තිබෙන බවත් වායුව දූෂණය වන අවස්ථාවේදී ඒ තත්ත්වය පරීක්ෂා කිරීමට මෙම උපකරණය යොදා ගන්නා බවත්ය.

නවීන තාක්ෂණයෙන් යුතු මෙම උපකරණ මගින් වායුව දූෂණය වන අවස්ථාවලදී ඉතා පැහැදිලියි තොරතුරු ලබාගැනීමේ හැඛියාව පවතී.