27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසාක්ෂි දුන්නොත් දේශපාලකයන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා!

සාක්ෂි දුන්නොත් දේශපාලකයන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා!

ඉහළ පෙළේ දේශපාලනඥයන් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට චෝදනා එල්ල වන පසුබිමක සාක්ෂි ලබා දෙන්නේ නම් එම දේශපාලනඥයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.

ශ්‍රී ලංකාවේ විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ දේශපාලනඥයන් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කරන චෝදනා සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

මම ඒ ගැන දන්නේ නැහැ. මේක කවුරු කළත් වැරදියි. ඔවුන්ට දඬුවම් ලැබෙනවා. දේශපාලකයින් විසින්ම ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන බවට නිවැරදි තොරතුරු – සාක්ෂි ඔබ අපට ලබා දෙන්නේ නම්, අපි අනිවාර්යයෙන්ම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිසා මම ඔවුන් වෙනුවෙන් ක්‍රියා කරන්නේ නැහැ. මම මේක ඉතිහාසයේ ඔප්පු කරලා තියෙනවා.

2007 දී මම කෝප් කමිටුවේ සභාපතිවරයා විදිහට කටයුතු කළා. එදා මම ඒ කමිටු වාර්තාව හරහා පාර්ලිමේන්තුවේ බොහෝ මන්ත්‍රීවරුන්ගේ දූෂණ හෙළි කළා. හිතුවා නම් මගේ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඉතුරු කරලා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විතරක් චෝදනා කරන්න තිබුණා. එහෙම කළේ නැහැ. මම දෙපැත්තේම වැරදිකරුවන් හඳුනා ගත්තා. ඒ නිසා තමයි දෙපැත්තම එකතු වෙලා මට පහර දෙන්න හැදුවේ. ඊට කලින් මම විරුද්ධ පක්‍ෂයට බැඳිලා හිටියා.