31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews01 වැනිදා සිට වාහන අංක තහඩුවේ වෙනසක්

01 වැනිදා සිට වාහන අංක තහඩුවේ වෙනසක්

වාහන අංක තහඩුවේ මෙතෙක් පළාත් සඳහන් කරමින් පැවති ඉංග්‍රීසි අක්ෂර ලබන වසරේ ජනවාරි පළමු වනදා සිට ඉවත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව ඉදිරියේදී නිකුත් කරන නව අංක තහඩුවල ඉංග්‍රීසි අක්ෂරය මුද්‍රණය නොකරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළේ.

එමෙන්ම නව ලියාපදිංචි කිරීමේ සහ දැනට පවතින අංක තහඩු සහිත වාහනවල ලියාපදිංචිය වෙනස් කිරීමේ සඳහා ගාස්තු ගෙවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙතෙක් පැවති ක්‍රමය යටතේ අදාළ වාහනය ලියාපදිංචි කෙරුණු පළාත ඉංග්‍රීසි අක්ෂර දෙකකින් දක්වා තිබුණා.