― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews2023 වසරේ පෙළපොත් මුද්‍රණයේ ප්‍රමාදයක්

2023 වසරේ පෙළපොත් මුද්‍රණයේ ප්‍රමාදයක්

2023 වසර සඳහා පෙළපොත් මුද්‍රණයේ ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වේ.

සමස්ත පොත් අවශ්‍යතාවයෙන් සියයට හතළිස් පහක් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ කඩදාසි ඇතුළු ද්‍රව්‍ය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සංස්ථාව පොත් මුද්‍රණය කිරීම භාර ගත් අතර ඊට අවශ්‍ය ද්‍රව්‍ය මේ දක්වා ලබා නොගැනීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පැවසුවේ ලබන මාසය වන විට ද්‍රව්‍ය ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි වැනි මූලික විෂයයන්ට අදාළ පොත් පෙර මුද්‍රණය කරන ලෙස සංස්ථාවට දන්වා ඇති බවත්ය.

එමෙන්ම රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් ගත් පොත් සියල්ල මාර්තු මාසය වනවිට මුද්‍රණය කිරීමට නොහැකි බව එම සංස්ථාව පවසයි

ඉතිරි සියයට පනස් පහ ලබාගෙන ඇති පෞද්ගලික අංශයේ සමාගම් මුද්‍රණ කටයුතු ආරම්භ කර ඇති අතර ලබන සතියේ සිට එම පොත් දෙපාර්තමේන්තුවෙන් ලැබෙනු ඇත. පොත් මුද්‍රණය සඳහා මේ වසරේ වැය කර ඇති මුදල රුපියල් කෝටි එක්දහස් හයසියයකි.