― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅඩුවට දෙන්න නම් බිත්තර ආනයනය කරන්න

අඩුවට දෙන්න නම් බිත්තර ආනයනය කරන්න

බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කළ යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසයි.

හෙතෙම පෙන්වා දෙන්නේ එසේ නොවුනහොත් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවයි. එමෙන්ම රටේ බිත්තර ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් නොමැති බවත් ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් බිත්තර ආනයනය කරන්නේ නම් බිත්තරයක් රුපියල් 30 – 32 ත් අතර මිලකට අලෙවි කළ හැකි බවත් සභාපතිවරයා අවධාරණය කළේය.