― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsඅද 100ක් පෙන්ෂන් ගියාම රටේ PHIලාගේ හිඟයක්

අද 100ක් පෙන්ෂන් ගියාම රටේ PHIලාගේ හිඟයක්

මේ වසර අවසානයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 100කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යෑමට නියමිත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 100කට අධික ප්‍රමාණයක් විශ්‍රාම යෑම බරපතල ගැටලුවක් බවයි.

එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පුහුණු කිරීමට අවම වසර 2කට ආසන්න කාලයක් යන බව පැවසූ උපුල් රෝහණ කියා සිටියේ සෞඛ්‍ය සේවාවට මෙන්ම අනෙකුත් සේවාවාන්වලටත් යම් කිසි සේවා දිගුවක් ලබා දෙතැයි තමා බලාපොරොත්තු වන බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලංකාවේම 3,200ක් පමණ තමයි ආවරණය කරන්නේ. ඉතාම අඩු සංඛ්‍යාවක්. එම සංඛ්‍යාවෙන් 100කට ආසන්න සංඛ්‍යාවක් දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම යාමට නියමිතයි. විශේෂයෙන්ම ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂකයාගේ සිටම පළාත් සියල්ල නියෝජනය වන විදියට 100කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යනවා. මේක ප්‍රබල ලෙස සෞඛ්‍ය පරීක්ෂණ සේවයට දැනෙනවා. අපිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පුහුණු කරන්න අවුරුදු 2කට ආසන්න කාලයක් යනවා තාක්ෂණික නිලධාරියෙක්. නැවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පුහුණුකරලා සේවයට එකතුකර ගන්නා තුරු පුරප්පාඩු සහිතව සේවය සැපයීම මහජනතාවට දැනේවී. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය සේවාවේ වගේම අනෙකුත් සේවාවාන් වලටත් යම් කිසි සේවා දිගුවක් ලබා දෙනවා නම්. මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවටත් වයස 63ක දක්වා දීර්ඝ කිරීමක් ලබා දෙන්නේ නම් තරමක් දුරට මේ හානිය අපිට වළක්වා ගන්න පුුළුවන්. අනපේක්ෂිත මොහොතක මෙවැනි සංඛ්‍යාවක් විශ්‍රාම යාම මහජන සෞඛ්‍ය සේවාවට ප්‍රබල ගැලුවක් නිර්මාණය කරයි.