― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsජනවාරියෙන් පසු බිත්තර ගැන සුබ ආරංචියක්

ජනවාරියෙන් පසු බිත්තර ගැන සුබ ආරංචියක්

උත්සව සමය නිමා වීමත් සමඟ බිත්තර බෙදාහැරීමේ ජාලය පෙර පැවති ආකාරයෙන් ශක්තිමත් කිරීමට හැකියාව පවතින බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.

කුකුල් ගොවිපොළවල් වලින් බිත්තර එකතුකර ලොරි රථ මඟින් දිවයිනේ නගර කිහිපයකට බිත්තර බෙදාහැරීමේ කටයුතු සිදුකරනු ලැබුවේ බිත්තර මිල ඉහළ යෑම වළක්වා ගැනීමේ අරමුණින් තාවකාලික ක්‍රමවේදයකට බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

උත්සව සමය අවසන්ව කේක් ඇතුළු බේකරි නිෂ්පාදන නිෂ්පාදනය අඩුවීමත් සමඟ බිත්තර ලක්ෂ 20ක පමණ ඉතිරියක් සිදුවන බවයි ඔහු පවසන්නේ. ඒ අනුව එම බිත්තර හෙට දිනයේ සිට සාමාන්‍ය වෙළෙඳපොළට පැමිණෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව සභාපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.

මේ අතර ලබන වසරේ මුල් මාසය වන විට බිත්තර ඉල්ලුම අඩුවීම හමුවේ බිත්තර සිල්ලර මිල අඩුවන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.