25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් රජය ගත් තීරණය

නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් රජය ගත් තීරණය

රාජ්‍යයන් කිහිපයක් සමඟ භාණ්ඩ හුවමාරු කර ගැනීම සඳහා නිදහස් වෙළෙද ගිවිසුම් අත්සන් කිරීමට රජය තීන්දු කර ඇත.

ඒ අනුව පළමු වටයේ දී ඉන්දියාව, චීනය හා තායිලන්තය සමඟ නිදහස් වෙළෙද ගිවිසුම් අත්සන් කිරීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

රජය ඉදිරිපත් කළ යෝජනාවට මේ වන විට තායිලන්තය කැමැත්ත පළ කර ඇති අතර ඒ අනුව නිදහස් වෙළෙද ගිවිසුම ගැන ජනවාරි 08 හා 09 යන දෙදින මෙරට දී තායිලන්ත රජයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් එරට ප්‍රධානීන් මෙරටට පැමිණීමට නියමිතව පවතී.

පසුගිය රජය සමයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ බංග්ලාදේශය සමඟ වන සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යාමට ද රජය තීරණය කර තිබේ.