27.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් සිසුවියකට අතවර කිරීමට තැත් කළ මාමා අත්අඩංගුවට

පාසල් සිසුවියකට අතවර කිරීමට තැත් කළ මාමා අත්අඩංගුවට

වයස අවුරුදු 17ක පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ දැරියගේ මාමා බවයි පොලිසිය සඳහන් කළේ. ගලෙන්බිඳුණුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයේ පදිංචි සැකකරු වයස අවුරුදු 50 ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගලෙන්බිඳුණුවැව පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.