27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපියාගේ අවමගුල් දිනයේදීම පුත්‍රයාත් අවසන් ගමන් යයි

පියාගේ අවමගුල් දිනයේදීම පුත්‍රයාත් අවසන් ගමන් යයි

කැකිරාව පොතානේගම ප්‍රදේශයේ රිය අනතුරකින් යුද හමුදා කඳවුරක ප්‍රධාන සරඹ උපදේශකවරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු කැකිරාව රත්මල්කන්ද ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම හමුදා සාමාජිකයාගේ පියා පසුගියදා මියගොස් ඇති අතර ඒ වෙනුවෙන් නිවාඩු ලබා ඔහු අවමංගල්‍ය කටයුතුවලට එක්ව තිබෙනවා.

පියාගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබී ඇති අතර ඒ අතරතුර අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් වෙනුවෙන් කැකිරාවේ පිහිටි යුද හමුදා කඳවුර වෙත යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදීයි ඔහු අනතුරට ලක්වී ඇත්තේ.

මෙම යුද හමුදා සාමාජිකයා ගමන් ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටීමෙන් අනතුර සිදුවී තිබෙනවා.

එහිදී ඔහු යතුරුපැදියෙන් විසිවී වැටී ඇති අතර එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කැකිරාව පොලිසිය මෙන්ම ඉපලෝගම යුද හමුදා සේවා බලකාය මගින් ද මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.