― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපොලිස් ලොක්කෝ 11ක් අද පෙන්ෂන් යයි

පොලිස් ලොක්කෝ 11ක් අද පෙන්ෂන් යයි

අද (31) පොලිස් ලොක්කන් 11 දෙනෙක් විශ්‍රාම යාමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් හා නියෝජ්‍ය පොලිස්පතිවරු 9ක් ඊට අයත්ය. රාජ්‍ය නිලධාරීන් අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමේ රජයේ තීන්දුව අනුව මෙම පොලිස් නිලධාරීන් හෙට දිනයේදී විශ්‍රාම ගැනීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එෆ්.යූ ප්‍රනාන්දු, ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඔගස්ටස් පෙරේරා, වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අහලකෝන්, උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්ප.යූ විජිත ගුණරත්, ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර, කෑගල්ල දිසාව භාරනියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන, බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලාල් අපෝන්සු, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.ඩී.එස්.පී. සේනානායක, නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.එස්.එන් පීරීස්, බස්නාහිර උතුර අපරාධ දිසාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රිශාන්ත ජයකොඩි අද දිනයේදී විශ්‍රාම යනු ඇත.