27.8 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිසියෙන් බේරෙන්න ඉහළ මහලෙන් පැන්න තරුණයා ජීවිතක්ෂයට

පොලිසියෙන් බේරෙන්න ඉහළ මහලෙන් පැන්න තරුණයා ජීවිතක්ෂයට

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි ගම්පොල බෝතලාපිටිය නිවසක රැඳී සිටි විසි දෙහැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔහු ඉහළ මහලින් බිමට ඇද වැටී මියගිය බව ගම්පොල මූලස්ථාන පොලීසිය පවසනවා.

මෙම තරුණයා පොලිසියෙන් බේරීම සඳහා පළා යෑමට උත්සාහ කළ බව කියන අවස්ථාවේ ඉහළ මහලෙන් බිමට ඇද වැටීමෙන් පසු බරපතල තත්වයෙන් සිටි නිසා පොලිසිය මැදිහත් වී වහාම ගම්පොල රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු මියගොස් ඇතැයි ගම්පොල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.