28 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsභූමදාන කළ කාන්තා මළ සිරුරේ හිස වෙන්කර හොර රහසේ රැගෙන ගිහින්

භූමදාන කළ කාන්තා මළ සිරුරේ හිස වෙන්කර හොර රහසේ රැගෙන ගිහින්

තලකිරියාගම, තෙන්නකෝන්පුර පොදු සුසාන භූමියේ භූමදානය කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක හිස කොටස කපාගෙන රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

කිසියම් පිරිසක් විසින් දේහය වළ දමා තිබූ ස්ථානය හාරා සිරුරේ හිස කොටස මෙලෙස කපාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය අගෝස්තු මාසයේ 08 වනදා භූමදානය කළ 80 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක හිස කොටස මෙලෙස කපාගෙන ගොස් ඇති බවයි ගලේවෙල පොලිසිය සඳහන් කළේ. පොදු සුසාන භූමිය අසලින් ගමන් ගත් පුද්ගලයෙකු දේහය වළෙන් ගොඩගෙන තිබෙන අයුරු දැක ඒ පිළිබදව මියගොස් භූමදානය කර සිටි කාන්තාවගේ පවුලේ සමජිනයින් වෙත දන්වා තිබෙනවා.

පසුව පවුලේ සාමාජිකයින් පැමිණ ඒ සම්බන්ධයෙන් පොලිසියට සිදුකළ පැමිණිලි කිරීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

කෙසේ වෙතත් මළ සිරුරේ හිස කොටස කපාගෙන රැගෙන ගිය අය පිළිබඳව මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැති අතර පොලිසිය සැකපළ කරන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිදුකිරීමේදී යොදාගැනීමට එය රැගෙන යන්නට ඇති බවටයි.