25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරජයේ ආයතනවල උත්සව සඳහා කරන වියදම් අත්හිටුවයි

රජයේ ආයතනවල උත්සව සඳහා කරන වියදම් අත්හිටුවයි

රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා කරන වියදම් අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය ලබන වසර සඳහා ද වලංගු වන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

2023 වර්ෂය තුළ වියදම් දැරිම සඳහා බලයදීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් මෙම නව චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසිනුයි නිකුත්කර ඇත්තේ.

මෙම චක්‍රලේඛයට අනුව ලබන වසරට රාජ්‍ය ආයතන, වාර්ෂික අයවැය ඇස්තමේන්තු මඟින් වෙන්කර දී ඇති ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවන පරිදි වියදම් කළමනාකරණය කර ගැනීම නිලධාරින්ගේ වගකීම බව අවධාරණය කර තිබෙනවා.