― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවිදුලි ගාස්තු සංශෝධනය කර්මාන්තවලට බලපාන්නේ මෙහෙමයි

විදුලි ගාස්තු සංශෝධනය කර්මාන්තවලට බලපාන්නේ මෙහෙමයි

එළඹෙන ජනවාරි 2 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට යෝජනා කර ඇත.

කර්මාන්ත අංශය සඳහා පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයටකට අය කළ රුපියල් 20ක ගාස්තුව වැඩිකර ඇත්තේ රුපියල් 26ක් දක්වා පමණි.

ඒකක 300ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 20ක්ව පැවති ගාස්තුව රුපියල් 26ක් දක්වා ද වැඩි වී තිබේ.

පළමු ඒකක 300 සඳහා අය කළ රුපියල් 960ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,200 දක්වාත්, ඒකක 300ට වැඩි ‍සෑම කර්මාන්තයක් සඳහාම අය කළ රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 1,600 දක්වා පමණි.

එමෙන්ම, පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180ට අඩු කාණ්ඩයට රුපියල් 25ක් පැවති ඒකකයක මිල රුපියල් 40ක් දක්වාත්, ඒකක 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 32ක ඒකකයක ගාස්තුව රුපියල් 47 දක්වාත් වැඩි කිරීම‍ට යෝජනා වී ඇත.

පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180 සඳහා අය කළ රුපියල් 360ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,000 දක්වාත්, ඒකක 180ට වැඩි කාණ්ඩ සඳහා අය කළ රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,600 දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා.

එසේම දැනට විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා රුපියල් 29යි ශත 14 ක් වැය වන අතර එම ගාස්තුවද රුපියල් 48 යි ශත 42 දක්වා ඉහළ දැමීමට නියමිතය.

මීට අමතරව ආගමික ස්ථාන හා පුණ්‍ය ආයතනවල ද ගාස්තු වැඩිකර ඇත.ඒ අනුව පළමු ඒකක 30 සඳහා ඒකකයකට රුපියල් 08ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කර ඇති අතර, ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩය යටතේ රුපියල් 15ක්ව පැවති ඒකකයක මිල රුපියල් 37ක් දක්වාත් වැඩි කර තිබෙනවා.

ඒකක 91ත් 120ත් අතර කාණ්ඩය යටතේ රුපියල් 20ක් එක ඒකකයකට අය කළ ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි වී ඇති අතර ඒකක 121ත් 180ත් අතර රුපියල් 30ක්ව පැවති එක ඒකකයක ගාස්තුව රුපියල් 45 දක්වා වැඩි කර ඇති අතර ඒකක 180ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 32ක් වෙනුවට රුපියල් 50ක් අය කිරීමට යෝජනා වී ඇත.