― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට කෝටි 15ක පොල්ලක්

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට කෝටි 15ක පොල්ලක්

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ තෙල් ටැංකි දෙක සහ නළ පද්ධතිය පරිහරණය කළ රාජ්‍ය ආයතනයක් ඒ වෙනුවෙන් එම සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි 15 කට වැඩි ගාස්තුවක් ගෙවීම පැහැර හැර ඇතැයි විශේෂ විගණන වාර්තාවක සඳහන් වේ.

එසේම සංස්ථාවේ කළමනාකාරිත්වය එම ගාස්තු අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බවද එහි දැක්වේ.

විගණන වාර්තාවේ දැක්වෙන අන්දමට මෙම තෙල් ටැංකි දෙක සහ නළ පද්ධතිය ඒ රාජ්‍ය ආයතනයට පරිහරණය සඳහා ලබාදී ඇත්තේ ලිඛිත ගිවිසුමකට එළඹීමකින් තොරවය.

රේඛීය අමාත්‍යාංශයේදී 2019 වර්ෂයේ සැප්තැම්බර් 9 වැනිදා පැවති රැස්වීමකදී මේ සඳහා ගාස්තු ගෙවිය යුතු බවට නිගමනය කර ගෙවීම් කරන ලෙස අදාළ පාර්ශ්වයන්ට දැනුම් දී තිබූ නමුත් සංස්ථාව සතු හෙක්ටයාර් 24281ක්වූ මෙම ඉඩම 2019 පෙබරවාරි 8 දින අංක 2110 දරන රජයේ ගැසට් පත්‍රයකින් වාණිජ කටයුත්තක් සඳහා රාජ්‍ය ආයතනයකට වෙත බදු දීමට ක්‍රියා කරන බව නිවේදනය කෙරුණු බව වාර්තාවේ දැක්වේ.

එම ගැසට් නිවේදනය නිකුත් කර වසරකට වැඩි කාලයක් ගත වී තිබුණද මෙම ඉඩම පැවරීමේ ගැටලුව නිරවුල් කර ගැනීමට කළමණාකාරීත්වය කටයුතු කර නොතිබූ බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

#laknadeepa