31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅද දුම්රිය ගමන්වාර 60කට වැඩියෙන් අවලංගුයි

අද දුම්රිය ගමන්වාර 60කට වැඩියෙන් අවලංගුයි

අද (02) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 09ක් අවලංගු කර තිබෙනවා.

මේ අතර සේවක හිඟය හේතුවෙන් අද (02) දිනය තුළ දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් අවලංගු විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවා.

500කට ආසන්න දුම්රිය සේවකයින් පිරිසක් විශ්‍රාම ගැන්වීමත් සමඟ ඇති වූ සේවක පුරප්පාඩුව හේතුවෙන් ඊයේ (01) දිනයේදීද ගමන්වාර 30ක් අවලංගු කිරීමට සිදුව තිබෙනවා.

මේ අතර විශ්‍රාම ගිය සේවකයින්ට යළි කොන්ත්‍රාත් පදනම මත සේවයට වාර්තා කරන්නැයි දන්වා ජනාධිපති ලේකම්වරයා ඊයේ උපදෙස් ලබා දුන්නා.