― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅරගලය විනාශ කරන්නයි අපි රනිල්ව ජනාධිපති කළේ – සනත් නිශාන්ත

අරගලය විනාශ කරන්නයි අපි රනිල්ව ජනාධිපති කළේ – සනත් නිශාන්ත

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කළේ අරගලය විනාශ කිරීමේ මෙවලමක් ලෙස බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාත්ත පවසා තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ කලා ශිල්පී ඉරාජ් වීරරත්න සමඟ පැවති ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

එම සම්මුඛ සාකච්ඡාවේදී ගාලු මුවදොර පිටියේ ‘ගෝඨාගෝගම’ භූමියේ නිරායුධ විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටින නිශාන්ත කියා සිටියේ අරගලය මහජන විරෝධතා ව්‍යාපාරයට ප්‍රතිචාරයක් ලෙස වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කළ බවයි.

අපි ඔහුව ගෙනාවේ විශේෂ හේතුවක් නිසා. අපි රනිල්ව ජනාධිපති ලෙස පත් කළේ අරගලය ජනතා ව්‍යාපාරය අවසන් කිරීමටයි. එය හොඳින් සිදුවෙමින් පවතිනවා. අරගලයට ගහන්න තමයි අපි රනිල්ව පත් කළේ” සනත් නිශාන්ත එහිදී පැවසීය.

විවිධ දූෂණ චෝදනා එල්ල කර රනිල් වික්‍රමසිංහ පත්කළ ආකාරය විමසූ විට රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයාව සමාන කළේ ආත්මාරක්ෂාව සඳහා තමන් ළඟ තබාගත් ආයුධයකටයි.

පුපුරණ ද්‍රව්‍යයක් හෝ ගිනි අවියක් සන්තකයේ තබාගන්නේ එය හුරතල් කිරීමට නොව හදිසි අවස්ථාවකදී එය භාවිත කිරීමටයි. ඒක තමයි අපි රනිල් වික්‍රමසිංහ එක්ක කළේ. ඔහු අරගලය ආමන්ත්‍රණය කිරීමට මෙවලමක් ලෙස යොදා ගත්තා.