26.7 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමති බන්දුලගේ ගෝලයින් දෙදෙනෙක් මගනැගුම සේවකයින්ගේ ග්‍රහණයට

ඇමති බන්දුලගේ ගෝලයින් දෙදෙනෙක් මගනැගුම සේවකයින්ගේ ග්‍රහණයට

මග නැගුම මාර්ග ඉදිකිරීම්, යන්ත්‍රෝපකරණ සමාගමේ සේවකයින් එහි සභාපතිවරයාව සහ විධායක අධ්‍යක්ෂවරයාව අද (02) පෙරවරුවේ සිය ග්‍රහණයට ගෙන තිබේ.

මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ පෑලියගොඩ පිහිටි මග නැගුම ප්‍රධාන කාර්යාලය අද (02) උදෑසන නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවේදීය.

ඔවුන්ගේ අත්තනෝතමතික ක්‍රියාකලාපයට විරෝධය පළ කරමිනුයි මෙම සේවකයින් විසින් එහි සභාපතිවරයා සහ විධායක අධ්‍යක්ෂවරයාට කාර්යාලයෙන් පිටතට යාමට ඉඩ නොදී ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඇත්තේ.

මේ වනවිට පොලීසියේ මැදිහත්වීමෙන් මග නැගුම මාර්ග ඉදිකිරීම්, යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපතිවරයාව සහ එහි විධායක අධ්‍යක්ෂවරයාව කාර්යාලයෙන් පිටතට රැගෙන ගිය බවයි ආරංච්මාර්ග සඳහන් කරන්නේ.