29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ හිඟයට කඩිනම් විසඳුමක්

ඖෂධ හිඟයට කඩිනම් විසඳුමක්

ඖෂධ හිඟය හේතුවෙන් මතුව ඇති ගැටලුවලට මේ වසරේ මුල් කාර්තුව තුළ විසඳුම් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

මේ වසර සඳහා ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට අතිවිශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

මීට අමතරව මෙරට ඖෂධ හිඟය හේතුවෙන් මතුව ඇති ගැටලුව විසඳීමට ඉන්දීය ණය ආධාර සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් අවශ්‍ය සහය ලබා දෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

රජයේ ඖෂධ සමාගම්වලට රුපියල් බිලියන 15ක් සහ රාජ්‍ය බැංකු දෙකකට රුපියල් බිලියන 16ක් ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 52ක ණයක් තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.