25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකංචනගේ විදුලි බිල නංවන යෝජනාව අද කැබිනට්ටුවට

කංචනගේ විදුලි බිල නංවන යෝජනාව අද කැබිනට්ටුවට

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (02) දිනයේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ගෙන ඒමට නියමිතයි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගාස්තු වැඩිවීමේ යෝජනාවක් අයක්‍රම ක්‍රමවේදයට අනුව සකස් කර එය මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළ යුතු වනවා.

කෙසේ වෙතත් විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිඳු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ල නොගන්නා බවයි එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

මෙම අවස්ථාවේ රටේ පවතින තත්ත්වය මත විදුලි ගාස්තු ඉහළ දැමීමේ කිසිඳු අවස්ථාවක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළකරමින් අත්සන් 69 ලක්ෂයක් ලබාගැනීමේ විරෝධතා වැඩ සටහන ඊයේ මාතර ප්‍රදේශයෙන් ආරම්භ කළා.