25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාලු මුවදොර රාජකාරි නාවික හමුදාව අතට

ගාලු මුවදොර රාජකාරි නාවික හමුදාව අතට

ගාලුමුවදොර සහ කොළඹ ජනාධිපති මන්දිරයේ රාජකාරී ශ්‍රී ලංකා නාවික හමුදාවට බාරදී තිබෙනවා.

ඒ අනුව, ඉදිරි මාස 3 සඳහා ගාලුමුවදොර ජාතික ධජය එසවීම සහ කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරී නාවික හමුදාවට පැවරෙනු ඇති.

ශ්‍රී ලංකා‍ නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී විසින් මෙම විශේෂ රාජකාරීන් අධීක්‍ෂණය කරනු ලබයි.