31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජල නාස්තියෙන් පාසල් පද්ධතිය කප් එක උස්සයි

ජල නාස්තියෙන් පාසල් පද්ධතිය කප් එක උස්සයි

ජල නාස්තිය සිදුවන ප්‍රධාන ස්ථානය බවට පාසල් පද්ධතිය පත්ව තිබේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ ඊට පසු වැඩිම ජල නාස්තිය සිදු වන්නේ පූජා භූමිවල ජල සැපයුම් මාර්ගවලින් බවයි.

රජයේ කාර්යාල සහ ආගමික ස්ථාන තෙවනුවට ජල නාස්තිය සිදුවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවයි ජාතික ජල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවධාරණය කරන්නේ.

ජලය අපතේ යෑම නිසා මණ්ඩලයට වාර්ෂිකව රුපියල් කෝටියකට වැඩි මුදලක් අහිමිවන අතර පූජා භූමිවලට සැපයෙන ජල සැපයුම වෙනුවෙන් යම් මුදලක් අය කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.