28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුංචි ඡන්දයට පොදුජන පෙරමුණ පොහොට්ටුවෙන්ම තරඟ කරනවා

පුංචි ඡන්දයට පොදුජන පෙරමුණ පොහොට්ටුවෙන්ම තරඟ කරනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බවත් ඇතැම් පළාත් පාලන ආයතනවලට එම පක්‍ෂයේ අපේක්‍ෂකයන් වෙනත් පක්‍ෂවල ලකුණින් තරග කරන අවස්ථා ද ඇතිවිය හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (2) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (2) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසුවා.

පක්‍ෂ රැසක් සමඟ ඉතාම සාර්ථක සන්ධානයකින් තරග කර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අති බහුතරයක් කොට්ඨාස ජයග්‍රහණය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති බව කී කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.