31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබදුල්ල රෝහලේ වෛද්‍යවරු නිහඬ විරෝධතාවක

බදුල්ල රෝහලේ වෛද්‍යවරු නිහඬ විරෝධතාවක

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු ඇතුළු සේවකයින් අද (02) දහවල් රෝහල ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වුණා.

එම රෝහලේ වෛද්‍යවරයෙකුට සහ කාර්ය මණ්ඩලයට පිරිසකට සිදුකළ පහරදීමකට විරෝධය පළකරමින් මෙම විරෝධතාව පැවැත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (01) සවස 6.00ට පමණ වයස අවුරුදු 18ක පමණ තරුණියක් ගෙළ වැළලාගැනීමෙන් පසු ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් ඇයගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරු අපොහොසත් වී ඇති අතර ඊට කෝපයට පත් පිරිසක් රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට බලහත්කාරයෙන් ඇතුළු වී මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ පහරදීමට විරෝධය දක්වමින් සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සහ වෛද්‍යවරුන්ගේ මෙන්ම රෝහල් සේවකයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරදෙන ලෙස ඉල්ලා අද දිනයේ මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

කෙසේ වෙතත් මේ වන විටත් පහරදීමට අදාළව දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි බදුල්ල පොලීසිය සදහන් කළේ.