28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමං තමයි හොඳටම කළේ - මහබැංකු අධිපති

මං තමයි හොඳටම කළේ – මහබැංකු අධිපති

මෙම වසරේදී උද්ධමනය තවත් පහළ යනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් මෙම වසරේ පොලී අනුපාත පහළ දැමීමට ක්‍රියාමාර්ග ගන්නා බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

නොවැම්බර් මස උද්ධමනය සියයට 61ක් සහ දෙසැම්බර් මස උද්ධමනය සියයට 57.2 දක්වා අඩු වීමෙන් ඉකුත් වසරේ අප්‍රේල් මස ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති සාර්ථක වී ඇති බව පෙනී ගොස් ඇති බව මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළ බව බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත වාර්තා කර තිබේ.

ඉහළ පොළී අනුපාත හේතුවෙන් උද්ධමනය පහළ මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇති බව පැවසූ මහබැංකු අධිපතිවරයා කියා සිටියේ ආර්ථිකය ස්ථාවර වෙත්ම පොළී අනුපාත අඩු කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවයි