28.9 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුද්‍රණ ලොක්කෝ හිතුමතේට මිලියන 650 දීමනා ගෙවලා?

මුද්‍රණ ලොක්කෝ හිතුමතේට මිලියන 650 දීමනා ගෙවලා?

රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව නීත්‍යානුකූල නොවන ආකාරයට රුපියල් මිලියන 650 සේවක දීමනා ගෙවා ඇති බව අනාවරණය වී තිබේ.

නවතම විගණන වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇති අතර මෙම දීමනා ලබා දී ඇත්තේ 2018 වර්ෂයේ සිට 2021 දක්වා බවයි වාර්තා වන්නේ.

එහි තවදුරටත් සඳහන් වන්නේ දිරි දීමනා ගෙවීම් විශේෂ දීමනා ඇතුළුව නීත්‍යානුකූල නොවන ආකාරයට සේවකයන් සඳහා දීමනා ගෙවා ඇති බවයි.

තවද බොහොමයක් රාජ්‍ය ආයතන රජයේ නියමයන් නොසලකා හරිමින් ඒ ඒ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරමින් විවිධ දීමනා සේවකයන්ට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.