― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsරජයේ සේවකයින්ගේ වැඩ පැය 8කට සීමා වෙන්නේ නැහැ

රජයේ සේවකයින්ගේ වැඩ පැය 8කට සීමා වෙන්නේ නැහැ

රාජ්‍ය සේවකයන්ගේ සේවය පැය අටකට හෝ සතියේ දවස් පහට සීමා නොවන බවත් සියලු දෙනාම කැපවීමෙන් වැඩ කර රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ජනපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවය අමතමිනි.

සාර්ථකව වැඩ කටයුතු කරන්ට තිබෙනවා. අද තියෙන ප්‍රශ්න විසඳන්න හැකි අලුත් ක්‍රමවේදයක් හදන්ට තියෙනවා. ගිය අවුරුද්දට වඩා අපි සියලු දෙනාට එකට එකතුවෙලා ක්‍රියා කරන්න තිබෙනවා. අපි බලන්නේ එක යාන්ත්‍රනයක් හැටියට. අමාත්‍යාංශ ගණන අනුව ඒවා බෙදිලා නෑ. ඒවා එක යන්ත්‍රණයක තිබෙන අමතර කොටස්. ඒ කොටස් අතර තරගකාරිත්වයක්, කඹ ඇදිල්ලක් ඇති වෙන්න බෑ.තමන්ගේ වගකීම සීමා කර ගන්න බෑ. රටේ මූලික ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න හැමකෙනාම බැදිලා තිබෙනවා. මේකේ කේන්ද්‍රය වන්නෙ ජනාධිපති කාර්යාලයත්, කැබිනට් කාර්යාලයත්. මෙකෙන් තමයි ඉදිරියට යන්නේ. ඒ නිසා මම එක කාරණයක් කියන්න කැමතියි. තමන්ගේ වැඩ පැය අටකට සීමා වෙන්නෙ නෑ. තමන්ගේ වැඩ කටයුතු සතියේ දවස් පහකට සීමා වෙන්නේ නෑ. අපි කැපවෙලා වැඩ කරමු, සාමාන්‍ය තත්ත්වයක් ඇති කරමු. ඔබ සියලු දෙනාගේම සහයෝගයෙන් රට ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.