28.4 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ සේවකයින්ට අද සිට විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ සේවකයින්ට අද සිට විශේෂ අත්තිකාරම් මුදලක්

රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 4000 ක විශේෂ අත්තිකාරම් මුදල ගෙවීම අද (02) සිට අරඹා තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම විශේෂ අත්තිකාරම් මුදල් ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

ලබන මස අවසන් වනතෙක් රාජ්‍ය සේවකයින්ට එම දීමනාව ලබාගැනීමට අවස්ථාව පවතින බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසන්නේ.

2023 වසරේ පෙබරවාරි 28 වැනිදායින් පසු කිසිදු ගෙවීමක් කිරීමට අවසර හිමිනොවන අතර අදාළ මුදල් 2023 වසර තුළ අය කරගත යුතු බව එම චක්‍රලේඛයේ දක්වා තිබේ.