― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsශ්‍රවණාබාධිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබාදීම ළඟදීම

ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබාදීම ළඟදීම

ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙල මෙම වසරේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නව ක්‍රමවේදයන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

පූර්ණ ශ්‍රවණාබාධිත අයට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා මේ වර්ෂය තුළ දී. දැනට ශ්‍රවණාබාධ තියෙන ලක්ෂ 6 – 8ත් අතර ලංකාවේ සිටින බව වාර්තා වෙනවා. ඒ අයට විශේෂ සලකුණු ක්‍රමයක් යටතේ රියදරු බලපත්‍ර ලබාදීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා. එය රට පුරා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අද දිනයේ සිට අංක තහඩුවල පළාත් අක්ෂරය ඉවත් කිරීම, පැවරීමේ පෝරමයේ පිටු ගණන අඩුවීම, රියදුරු අකුසලතා ලකුණු ක්‍රමය ක්‍රියාත්මක වීම, පූර්ණ ශ්‍රවණාබාධිත අයට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ආදි වෙනස්කම් ක්‍රියාත්මක වන බව ජනතාවට දැනුම්දෙනවා.