27.2 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෂාෆ්ටර් ඝාතනයට අදාළව ඩී.එන්.ඒ වාර්තා කැඳවන්නයි අධිකරණයෙන් නියෝග

ෂාෆ්ටර් ඝාතනයට අදාළව ඩී.එන්.ඒ වාර්තා කැඳවන්නයි අධිකරණයෙන් නියෝග

ජනශක්ති ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනයට අදාළව එම අපරාධ ස්ථානයේ තිබූ නඩු භාණ්ඩ සහ රුධිර සම්පල් පරීක්ෂා කර ඩී එන් ඒ වාර්තා සහ රස පරික්ෂක වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද (02) නියෝග කළා.

ඝාතනයට අදාළව අපරාධ ස්ථානයේ මෙන්ම මරණකරු රැඳී සිටි වාහනයේ තිබී සොකෝ නිලධාරීන් ලබාගත් රුධිර සාම්පල්, ඇඟිලි සලකුණු මෙන්ම මරණකරුගේ ඇඳුම් පැළදුම්, නියපොතු හිසකෙස් ආදිය පරීක්ෂාවට ලක් කර ඩී එන් ඒ වාර්තා මෙන්ම රස පරීක්ෂක වාර්තා අධිකරණයට ලබා දෙන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරිය රස පරීක්ෂකවරයාට නියම කළා.

රස පරීක්ෂක වාර්තා කැදවීමට අවශ්‍ය නඩු භාණ්ඩ බොරැල්ල පොලීසිය අද (02) අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම නඩු භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් පසු අධිකරණය පොලීසිය කළ ඉල්ලීමට අවසර ලබා දුන්නේය.