― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසියලුම කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා රජයේ අනුමැතිය

සියලුම කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා රජයේ අනුමැතිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත යෝජනා සඳහා අවශ්‍ය මුදල් 2023 අයවැයෙන් රජය අනුමත කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රන්මින්තැන්නේ ඊයේ (01) පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රට තුළ වගා නොකළ කුඹුරු අක්කර 47,000ක් තිබෙන බවත් මේ වසරේ අක්කර 14,000ක් රජයට පවරා ගන්නා බවත්ය.

මාස හයක් ඇතුළත මෙම මෙහෙයුම අවසන් කරන බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ වසර පහක් තිස්සේ වගා නොකළ කෙත්වතු පුරන් කුඹුරු ලෙස සලකන බවයි.

2023 වසර සඳහා ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘති කිහිපයක් යෝජනා කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය මුදල්වලට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

2023 වසරේ කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සහ ගොවීන්ගේ සංවර්ධනය සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.