28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews2023 වසර අතිශය දුෂ්කරයි - IMF ප්‍රධානී

2023 වසර අතිශය දුෂ්කරයි – IMF ප්‍රධානී

පසුගිය වසරට සාපේක්ෂව 2023 වසර මුළු මහත් ලෝකයටම දුෂ්කර වසරක් වනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජියොජිවා අනතුරු අඟවා තිබේ.

රුසියානු – යුක්රේන යුද්ධයෙන් යුරෝපා සංගමයේ ආර්ථිකයට එල්ලවූ දැඩි බලපෑමත් සමඟ දැඩි ආර්ථික අවපාතයක ලක්ෂණ පෙන්නුම් කරන බවත් ඇමරිකාව, යුරෝපා සංගමය සහ චීනයේ මන්දගාමී වර්ධනයක් පැවතීම ඊට එක් හේතුවක් හේතුව බවත් ඇය අවධාරණය කළාය.

ලෝකයේ දෙවන ආර්ථිකය හිමි චීනය කොරෝනා සෞඛ්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීමෙන් පසු ආසාදිතයන් ඉහළ යෑමෙන් වසර 40කට පසු පළමුවරට ආර්ථික වර්ධන වේගය අඩුවී ඇති බවයි IMF ප්‍රධානී සඳහන් කරන්නේ.