― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඉන්ධන සඳහා පැවති බදු ඉහළට

ඉන්ධන සඳහා පැවති බදු ඉහළට

ඉන්ධන සඳහා පවතින බදු අනුපාත ද ඉහළ නැංවීමට යෝජනා වී තිබෙනවා.

ඒ අනුව සියලුම ඉන්ධන සඳහා පැවති බදු ඉහළ නංවා ඇති අතර සෑම ඉන්ධන ලීටරයකටම රුපියල් 25ක බද්දක් එක් කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් ලීටරයක් සඳහා පැවති නිෂ්පාදන බද්ද රුපියල් 27 සිට රුපියල් 52 ක් දක්වාත් වෙනත් වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා ද පැවති රුපියල් 27ක බද්ද රුපියල් 52 දක්වා ඉහළ නැංවා ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්වනවා.

සුපර් ඩීසල් ලීටරයක් සඳහා පැවති රුපියල් 13ක නිෂ්පාදන බද්ද රුපියල් 38 දක්වා ඉහළ නංවා ඇති අතර වෙනත් ඩීසල් ලීටරයක් සඳහා පැවති රුපියල් 6ක නිෂ්පාදනය බද්ද රුපියල් 31 දක්වාත් ඉහළ නංවා තිබෙන අතර වෙනත් ඉන්ධන වර්ග ලීටරයක් සඳහා රුපියල් 13ක බද්ද රුපියල් 38 දක්වා ඉහළ නංවන බවද ගැසට් නිවේදනයේ සඳහන් ය.