යාල ජාතික වනෝද්‍යානය ඉතිහාසයේ ඉහළම ආදායම ඊයේ (02) උපයා ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ඊයේ උපයා ඇති සමස්ත ආදායම 11,264,179කි.
වනජීවි දෙපාර්තමේන්තුව අවධාරණය කළේ පසුගිය දෙසැම්බර් 23 වැනිදා සිට ඊයේ දක්වා වනෝද්‍යානය නැරඹීම සඳහා වැඩි පිරිසක් පැමිණ ඇති බවයි.