27 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඑක්කෝටි විසිඅට ලක්ෂයක විදුලි බිල ගැන කෙහෙළිය කියූ දේ

එක්කෝටි විසිඅට ලක්ෂයක විදුලි බිල ගැන කෙහෙළිය කියූ දේ

තම නිවසේ විදුලි බිල ගෙවීම ප්‍රමාද වීමට හේතුව නිවැරදි ලෙස විදුලි බිල නොලැබීම බවත් නිසි පරිදි විදුලි බිල ලැබුණු විගස හිඟ මුදල් ද සමග එය ගෙවීමට කටයුතු කළ බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී මාධ්‍යවේදියෙක් අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් අසා සිටියේ “ඔබතුමා එක්කෝටි විසිඅට ලක්ෂයක පොල්ලක් තියලා ලංකා විදුලි බල මණ්ඩලයට, ලයිට් කැපුවේ නෑ. ඇයි ඒ?” යනුව්වෙනි.

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙසේද කීය.

මම හිටපු නිවසේ විදුලි බිලම එව්වේ වෙන කෙනෙක්ගේ නමට. ඒ විදුලි බිල මට නෙවෙයි ඉස්සෙල්ලා හිටපු කෙනාට එවලා. රෙජිස්ටර් ලියුම් 3ක් කරලා තියෙනවා මම. මොකද හේතුව ටැක්සබල් ඉන්කම් එකෙන් අඩු කරන්න නම් මගේ නමට බිල තියෙන්න ඕනේ. වෙන කෙනෙක්ගේ නමට බිල තිබ්බට මගේ එකවුන්ට්ස්වලින් අඩු කරන්න බෑ. තුන්පාරක් රෙජිස්ටර් ලියුම් ඇරියා මේක වෙනස් කරන්න. ඒ වෙනකනුත් අවසාන මොහොත වෙනකනුත් මේක වෙනස් කළේ නෑ. ඒක වෙනස් කළ දාට පහුවෙනිදා මම දඩ මුදල දාපු එක හැර අනිත් ටික සියල්ලම ගෙව්වා. මම හිතන්නේ ඒ කට්ටියගේ වරදක් තියෙන්න ඇති.

මම දන්නේ නෑ එතන මොකද්ද වෙන්නේ කියලා. අන්න එහෙම ප්‍රශ්නයක් වෙලා. ඒ ප්‍රශ්නෙත් මම ලිව්වා. ඊට පස්සේ නම් විදුලිබල මණ්ඩලයට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. ඔවුන් දෙපාරක් තුන්පාරක් ඇවිල්ලා චෙක් කරලා තිබුණා. හැබැයි මම විදුලිය පාවිච්චි කරලා තියෙනවා නම්, දෙයියනේ මෙච්චර විදුලි පාවිච්චි කළේ කියලා අහන්න ඕනේ නෑනේ. මමනේ පාවිච්චි කළේ. මමනේ ගෙවන්නේ.