27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදෙසැම්බරයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 90000 ඉක්මවයි

දෙසැම්බරයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 90000 ඉක්මවයි

මේ වසරේ දෙසැම්බර් මාසයේදි ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 90000 සීමාව ඉක්මවා ගොස් ඇති බව සංචාරක අමාත්‍යංශය පවසයි.

ඒ අනුව දෙසැම්බර් මාසයේදී සංචාරකයන් 91961ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. එය නොවැම්බර් මාසය හා සැසදීමේදී සියයට 53.8ක වර්ධනයකි.

මෙම සංචාරකයන් පිරිසත් සමග මේ වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 719 978ක් බවට පත්ව තිබේ.

මේ අතරින් වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය සමස්ත සංචාරක පැමිණිම්වලින් සියයට 17ක අගයකි.