25.6 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීතිවිරෝධී ලෙස විදේශගත වූ ලාංකිකයන් අසාදු ලේඛනගත කෙරේ

නීතිවිරෝධී ලෙස විදේශගත වූ ලාංකිකයන් අසාදු ලේඛනගත කෙරේ

සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා ගොස් සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් අසාදු ලේඛනගත කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නීතිවිරෝධී ලෙස සංචාරක වීසා මත ඕමානයට ගොස් රැකියා සඳහා පැමිණි කාන්තාවන් 18 දෙනෙකු අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

එසේම, තම සේවා ස්ථානවලින් පලා ගිය කාන්තාවන් ඕමානයේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් අසාදු ලේඛනගත කර ඇත.

ඒ සමගම ඕමානයේ නීතිවිරෝධී ලෙස ජීවත් වන බවට සැලකෙන ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගත් විට ඒ සඳහා වන වියදම් ඔවුන් විසින්ම දැරිය යුතු බවද දන්වා ඇත.