26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපරණ පාඩු පියවා ගැනීමට විදුලි බිල වැඩි කිරීම අසාධාරණයි

පරණ පාඩු පියවා ගැනීමට විදුලි බිල වැඩි කිරීම අසාධාරණයි

විදුලිබල මණ්ඩලයේ පරණ පාඩු පියවා ගැනීමට විදුලි බිල යළි වැඩි කිරීමට රජය ගෙන ඇති තීන්දුව ජනතාවට සිදු කරන බරපතළ අසාධාරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ දේශපාලන අධිකාරිය ගනු ලැබූ තීරණ මත සිදු වූ වැරදි සම්බන්ධයෙන් ජනතාව වගකිව යුතු නැති බවයි.

එමෙන්ම බදු පිට බදු ගසමින් ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක තවදුරටත් විදුලි ගාස්තු වැඩ කිරීම ජනතාවට දරාගත නොහැකි වනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.