― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමංගලගේ ‘ෆ්‍රීඩම් හබ්‘ මාතරදී යළි ඇරඹේ

මංගලගේ ‘ෆ්‍රීඩම් හබ්‘ මාතරදී යළි ඇරඹේ

මංගල සමරවීර මහතා ආරම්භ කරන ලද  ‘ෆ්‍රීඩම් හබ්‘ ඩිජිටල් සහ නිර්මාණාත්මක අන්තර්ගත හා  කුසලතා සංවර්ධන සහ සහයෝගීතා පදනම මාතරදී නැවත වරක් ආරම්භ කිරීමට නියමිතයි.

සන්නාම, කලා සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ සේවය කරන තරුණ කණ්ඩායමක මෙහෙයවීමෙන් මෙය නැවත ආරම්භ කර තිබෙනවා.

නිර්මාණාත්මක සහ සන්නිවේදන කුසලතා ගොඩනැගීමට උනන්දු වන තරුණ තරුණියන් වෙනුවෙන් ‘ෆ්‍රීඩම් හබ්‘ හි නිර්මාණාත්මක ව්‍යවසායකත්වය වැඩසටහන 2023 පෙබරවාරි මස අගදී ආරම්භ කෙරෙන අතර ඒ සඳහා වන අයඳුම් පත් samaraweerafoundation.org/freedom-hub වෙබ් අඩවිය හරහා ලබන ජනවාරි 31 වන දින දක්වා ලබා ගත හැකිය.

අවුරුදු 17- -ත් 35 අතර වයසැති  මාතර පදිංචි සතියේ දිනවල සවස් කාලයේ සහ සති අන්තයේ  සැසි කිහිපයකට සහභාගී වීමට හැකි අයට අයදුම් කළ හැක.