29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරනිල් එක්ක වැඩ කරන්න ලෝකයේ රටවල් හරි කැමතියි - රංගේ බණ්ඩාර

රනිල් එක්ක වැඩ කරන්න ලෝකයේ රටවල් හරි කැමතියි – රංගේ බණ්ඩාර

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ලෝකයේ රටවල් යළිත් වරක් ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කරමින් රටට උපකාර කිරීමට ඉදිරිපත්ව සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය වසර ශ්‍රී ලංකාවට කැළඹිලි සහිත වසරක් වූ බවත් ජාතිය බේරා ගැනීමට ඉදිරිපත් වූ එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බවත්ය.

හිටපු ජනාධිපතිවරයාට සහ රජයට ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දීමට නොහැකි වූ විට විකල්ප රජයක් ලෙස විපක්ෂයේ පක්ෂ සෑම විටම ඉදිරිපත් විය යුතු බව ඔහු සඳහන් කළේය.

විපක්‍ෂ නායක ඇතුළු විරුද්ධ පක්‍ෂ නායකයෝ නිදහසට කරුණු කියමින් වගකීමෙන් පැන ගිය පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ කෘෂිකාර්මික අංශය සහ අනෙකුත් කර්මාන්තද කඩා වැටුණු විට, පසුගිය වසරේ ශ්‍රී ලංකාව දිගු ඉන්ධන සහ ගෑස් පෝලිම්, විදුලිය ඇනහිටීම් සහ ගෑස් සිලින්ඩර් පිපිරීම්වලට මුහුණ දුන් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව වෙනස් වී ඇති බවත් මේ වනවිට සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ශ්‍රී ලංකාව ආරක්ෂිතම රටවල් 12 අතරට පැමිණ ඇති බවත් ඔහු පැවසීය.