31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංස්ථා සහ මණ්ඩලවල සේවකයන්ට දුන් බෝනස් ගැන ජනපති නිදහසට කරුණු විමසයි

සංස්ථා සහ මණ්ඩලවල සේවකයන්ට දුන් බෝනස් ගැන ජනපති නිදහසට කරුණු විමසයි

පාඩු ලබන සංස්ථා හා මණ්ඩල සේවකයන් හට ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබූ පසුබිමක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ‍ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම සභාපතිවරුන්ගෙන් නිදහසට
කරුණු විමසා තිබේ.

ජනාධිපතිවරයා ඉහත ආයතන දෙකේ සභාපතිවරුන්ගෙන් මෙලෙස කරුණු විමසා ඇත්තේ රජයේ චක්‍රලේඛවලට පටහැනිව ප්‍රසාද දීමනා ( බෝනස් )
ගෙවූ බවට ලැබුනු වාර්තාවක් පදනම් කරගෙනයි.

ජනාධිපතිවරයා වෙත බාර දුන් එම වාර්ථාවට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි සේවකයන්ට මාස දෙකක වැටුප් බෝනස් ලෙස ගෙවා ඇති අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය එහි සෑම සේවකයෙකුටම රුපියල් ලක්ෂයක ප්‍රසාද දීමනාවක් ගෙවා තිබෙනවා.