28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහැමදාම පාඩුයි කියා පම්පෝරි ගහන සිපෙට්කෝ ලක්ෂ 2 - 3 බෝනස් ගෙවලා

හැමදාම පාඩුයි කියා පම්පෝරි ගහන සිපෙට්කෝ ලක්ෂ 2 – 3 බෝනස් ගෙවලා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇතැම් සේවකයින්ට රුපියල් ලක්ෂ 2-3ක ප්‍රසාද දීමනා ලබා දී ඇතැයි තමාට කරුණු අනාවරණය වී ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පැවසූහ.

උන්වහන්සේ මේ බව පවසා ඇත්තේ ඊයේ (02) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති සංවාදයකට එක්වෙමිනි.

සිපෙට්කෝ සමාගම දිගින් දිගටම පාඩු ලබන බවට සඳහන් කරමින් ජනතාව තවදුරටත් පීඩාවට ලක් කරමින් ඉන්ධන මිල පවා ඉහළ දැමූ බවයි උන්වහන්සේ එහිදී චෝදනා කරනු ලැබූයේ.

කෙසේවෙතත් හාස්‍යයට කරුණ නම් දිනෙන් දින පාඩු ලබන සිපෙට්කෝ ආයතනයට සිය සේවකයින්ට බෝනස් ලබාදුන්නේ කෙසේද යන්නයි.