29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News6-11 වසරවලට සිසුන් ඇතුළත් කිරීමට නව ක්‍රම අනවශ්‍යයි - ගුරු සංගම්

6-11 වසරවලට සිසුන් ඇතුළත් කිරීමට නව ක්‍රම අනවශ්‍යයි – ගුරු සංගම්

රජයේ පාසල්වල 06 වන ශ්‍රේණිය හැර, 02 වන ශ්‍රේණිය සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ දී නව ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල ගත් තීරණය වහා අහෝසි කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් අද(03) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ එය ක්‍රියාත්මක කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

පළමු ශ්‍රේණියේ සිට 05 වන ශ්‍රේණිය දක්වා එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 40 ක් වන අතර 06 වන ශ්‍රේණිය සිට 11 වන ශ්‍රේණිය දක්වා එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 45ක් ලෙස නොවෙනස්ව පවත්වා ගනිමින් මෙම නව ක්‍රමවේදයක් සකස් කිරිමටයි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.