― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅද හිරු එළියට යන්න එපා

අද හිරු එළියට යන්න එපා

අද (04) දිනයේ හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණය නොවන ලෙසට තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මෙම වසරේදී පෘථිවිය සූර්යයාට වඩාත් ආසන්නයෙන් ගමන් කරන දිනය අද බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණය වීම චර්ම රෝග ඇතිවීමට හේතු විය හැකි බවට ද ඔහු අනතුරු අඟවනවා.

මෙම සතිය පුරාවටම උෂ්ණත්වය වැඩි වශයෙන් පැවතිය හැකි අතර අධික උෂ්ණත්වයෙන් වැළකීම සඳහා කුඩයක් රැගෙන යන ලෙසට මෙන්ම ජලය වැඩි වශයෙන් පානය කරන ලෙසට ද විද්‍යාඥවරයා ඉල්ලීමක් කරනවා. තාරකා විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට ප්‍රකාශ කරන පෘථිවිය සූර්යයාට වඩාත් ආසන්න වීම සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාර ගමනක නිරත වීම හේතුවෙන්.

‘පෙරිහීලියන්’ ලෙස හඳුන්වන මෙම අවස්ථාව ශ්‍රී ලංකා වේලාවෙන් අද (04) රාත්‍රී 9.30ට උදාවුවත් ඊට පෙර සහ පසු පෘථිවිය තවදුරටත් සූර්යයාට ආසන්නව පවතිනවා. සාමාන්‍යයෙන් පොළොවේ සිට සූර්යයාට දුර කිලෝ මීටර් මිලියන 150ක් පමණ වුව ද අද දිනයේ පෘථිවිය සූර්යයාට කිලෝමීටර මිලියන 5කින් පමණ ළංව පවතිනවා.

ඒ අනුව අද දිනය වඩාත් උණුසුම්වන බැවින් සූර්යයාට නිරාවරණය වීමෙන් චර්ම රෝග ඇති විය හැකි බවයි තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා සඳහන් කළේ.